ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඛනිජ තෙල් බෙදා හරින සීපීඑස්පීඑල් සමාගමේ සේවකයින්ට හා තෙල් බෙදා හැරීමේ කටයුතුවලට බාධා කරන යම් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු හෝ සේවකයන් වේ නම් ඔවුන් සේවයෙන් ඉවත් කිරීමට හා නීතිමය පියවර ගැනීමට සලකා බැලීම සඳහා අවශ්‍ය විනය පියවර ගන්නා ලෙස තමන් අදාළ ආයතන සභාපතිවරුන්ට උපදෙස් දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව ඊයේ සිට සිදුකරන අඛණ්ඩ සත්‍යග්‍රහය හා වෘත්තීය ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොටස් විකිණීමට ගත් තීරණයට එරෙහිව වෙමිනි.මෙම සත්‍යග්‍රහය දෙවන දිනයටත අද දින ක්‍රියාත්මක වූ අතර රජය මෙම යෝජනාව හකුලා නොගතහොත් සිය ක්‍රියා මාර්ග දැඩි කරන බවට තර්ජනය කර තිබිණි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…