ශ්‍රී ලංකා

ඩැනී බේබි අතින් ඝාතනය වූ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියගේ මරණය සම්බන්ධ ඇසින් දුටු සාක්ෂිය !

ඝාතනයට ලක් වූ නෙටොල්පිටිය කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිනියගේ පවුලේ අයට, රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට හිමිවන සියලුම වරප්‍රසාද ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.

ඇයගේ මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන්ට සිය ශෝකය පලකරමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

රාජතාරී කටයුතු සඳහා යමින් සිටියදි සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශන කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරය අවධාරණය කරයි.

තංගල්ල, වැලිආර, නෙතොල්පිටිය ප්‍රදේශයේ දී අමානුෂික ලෙස ඝාතන වූ මෙම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියට එම අපරාධය සිදුකරන අයුරු ඇයගේ නැන්දනිය විසින් සියසින් දැක තිබේ.

ඊයේ (27) උදෑසන එම ඝාතනය සිදුව තිබුණේ 30 හැවිරිදි ආර්. එම්. දීපශිකා නැමති ඝාතනයට ලක්වු කාන්තාවගේ නිවස ආසන්නයේ දීය. 

පසුව අදාළ ඝාතනය සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සජබ අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනී බේබි’ නමැත්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

හම්බන්තොට රෝහලේ සේවයේ නිරත සිය මිතුරකුට රජයෙන් නොමිලයේ දෙන පොහොර ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ලබා නොදීම හේතුවෙන් අදාළ කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි අනාවරණය වුණි.

කෙසේවෙතත් අදාළ ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය කාන්තාවගේ නැන්දනිය වන ඩී.ජී.දයාවතී මහත්මිය ද ඇය සමග සිට තිබුණි.

එම කාන්තාව පොලීසියට පවසා ඇත්තේ, 

දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්කුව උඩ ‘ඩැනී බේබි’ ඉඳගෙන හිටියා. එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. එයා ළඟටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා. පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා. මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා. දුව ලේ පෙරාගෙන බිම වැටුනා. ‘ඩැනී බේබි’ බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල, ඔළුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා. පස්සේ එයා මට අනින්න යනකොට මම දුවලා බේරුණා. 

යනුවෙනි

ධීවර කාර්මිකයෙක් වන ඩැනී බේබි නැමැත්තා පොහොර නොමිලයේ ලබාගැනීමට ලිපියක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී දීපශිකා ලක්රුවනි විජේදාස මහත්මියව හමුවෙමින් කරදර කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ. 

තවද රෝහල් සේවකයා ගොවියෙක් බව සඳහන් කරමින් තමාට ලිපියක් නිකුත් කළ නොහැකි බව දිගින් දිගටම ඇය ‘ඩැනී බේබි’ නමැති සැකකරුට පවසා ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත. පසුව එම පුද්ගලයා පෙරේදා (26) රාත්‍රී කාලයේ දී ඇය පදිංචිව සිටින නෙටොල්පිටිය වැලි ආරේ නිවසටද අවස්ථා දෙකක දී ගොස් පොහොර ලබාගැනීමට ලිපිය ඉල්ලා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.එහි දී ඇය පවසා ඇත්තේ ඒ ගැන කතා කිරීමට පසුදින සිය කාර්යාලයට පැමිණෙන ලෙසය.

ඊයේ (27) උදෑසන කෘෂිකර්ම පර්යෝෂණ නිෂ්පාදක සහකාරවරිය සිය නැන්දම්මා සමඟ පා ගමිනින් කාර්යාලය බලා යමින් සිටිය දී මඟ රැක සිටි ‘ඩැනී බේබි නමැත්තා මෙම අපරාධය සිදුකර තිබේ. පිහි ඇනුම් කා බිම ඇද වැටී වේදනාවෙන් දඟලමින් සිටි කාන්තාවගේ ගෙල නැවතත් ඔහු අවස්ථා කිහිපයකදීම කපා ඇති බව ද පොලීසිය කරයි.

වේදනාවෙන් බිම වැටී සිටි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියව රෝහලට රැගෙන යාමට පවා කිසිවකුටත් ඉඩ නොදී ඩැනී බේබි නමැත්තා ලේ බේරෙන පිහියද තබාගෙන ඇය අසලට පැමිණෙන අයට පවා අනින්නට පැන ඇති බව පොලීසිය සඳහන් කළේය. ලේ බේරෙන පිහියද අතේ තබාගෙන සිටි සැකකරුව පාලනය කිරීමට උදෑසන රාජකාරි සඳහා නිවසේ සිට යමින් සිටි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද උත්සහ දරා ඇතත් එම නිලධාරියාටද ඔහු පිහියෙන් ඇනීමට තැත්කර ඇත. 

මේ අතර තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියකින් මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටිය දී විශාල පිරිසක් රැස්වී සිටිනු දැක ඒ පිළිබඳ විමසිලිමත් වී ඇත. එහි දී මෙම ඝාතනය දැක ඇති ඔවුන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරියාගේද සහාය ඇතිව ඩැනී බේබි නමැති සැකකරුව දැඩි පරීශ්‍රමයකින් අනතුරුව පාලනයකර අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුව අද (28) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago