ශ්‍රී ලංකා

සියලුම ඉන්ධන වර්ගවල මිල අඩු කිරීමේ සූදානමක් ?

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමත් සමඟ රජයට සියලුම ඉන්ධන වර්ගවල මිල අවම වශයෙන් රු. 120කින් පහත දැමිය හැකි බව සමගි එක්සත් වෘත්තීය සමිති බලකායේ (SUTUF) කැඳවුම්කරු සහ ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.

ඔහු කියා සිටියේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක සිල්ලර මිල අවම වශයෙන් රු. 125කින් ද නැප්තා, උදුන් තෙල් සහ භූමිතෙල් ලීටරයක් රු. 110 කින් ද පහත දැමිය හැකි බවයි.

බලශක්ති අමාත්‍යවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එළඹෙන අප්‍රේල් 1 වැනිදා ඉන්ධන මිල සංශෝධනයේදී පාරිභෝගිකයන්ට දැනෙන ඉන්ධන මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ හැකි බවයි.

සිදුවිය යුතු මිල අඩුවීම රුපියල් 100 ට වඩා වැඩි විය යුතු නමුත් රුපියල් 50 කින් මිල අඩු කිරීමට සූදානමක් පවතින බවයි ඔහු පවසන්නේ.

ඩීසල් ලීටරයක සිල්ලර මිල අඩුවීම නිසා විදුලි බිල සැලකිය යුතු ලෙස අඩු වීමක් සිදුවේ. නැප්තා සහ ඩීසල් ඉන්ධන 100% දේශීය පිරිපහදුවලින් පිරිපහදු කර ඇත.

“බොර තෙල් මිලදී ගන්නේ ලෝක වෙළෙඳපොළේ අඩුම වෙළෙඳපොළ මිලට. ඒ අනුව නැප්තා, උදුන් තෙල්, භූමිතෙල් සිල්ලර මිල විශාල ප්‍රමාණයකින් අඩු කළ හැකියි,” ඔහු පැවසීය.

“ජනතාවට වැඩි වාසියක් ලැබිය යුතු යැයි රජය සිතන්නේ නම් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් අඩු කළ යුතු අතර ඉතිරි මුදල දේශීය වෙළෙඳපොළේ ඩීසල් සිල්ලර මිල අඩු කිරීමට ලබා දිය හැකියි. ඒ නිසා ඩීසල් මිල රුපියල් 120කින් අඩු කරනවා, ඒකෙන් රටේ සමස්ත ආර්ථිකය අඩු කරන්න පුළුවන්,” පාලිත පැවසීය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago