ශ්‍රී ලංකා

හමුවෙලා පැය දෙකක් යන්නටත් කලින් විවාහ වෙන්න රෙජිස්ට්‍රාර්වරයක් සොයා ගිය අපූරු පෙම් යුවළ !

හමුවීමෙන් දෙපැයක් යන්නට පෙර විවාහ වන්නට රෙජිස්ට්‍රාර්වරයකු සොයා ගිය අපූරු පෙම් යුවළක් ගැන වාර්තා වෙනවා. කුරුණෑගල බස් නැවතුමේ දී මෙම හමුව සිදු වී තබෙන බවයි වාර්තා වෙන්නේ. මෙම තරුණිය මාතලේ ප්‍රදේශයේ වෙළෙඳ කලාපයේ සේවය කරන අතර ඇය නවාතැනට එන්නට කුරුණෑගල බස් නැවතුමේ සිටිය දී හමු වූ තරුණයකු හමුවී තිබෙනවා.

පසුව මේ පෙම් යුවළ කටුනායක බලා යන බසයට ගොඩවී කතාබහ කරන විට කොටදෙණියාව පසු කරද්දී තරුණයා ‘‘අපි බඳිමු’’ කියා යෝජනා කර ඇති අතර මෙම යෝජනාවත් සමඟම දෙදෙනාම දිවුලපිටිය නගරයෙන් බැස ත්‍රීරෝද රථයෙන් විවාහ රෙජිස්ට්‍රාර් කාර්යාලයකට පැමිනි බවයි වාර්තා වන්නේ.

රෙජිස්ට්‍රාර්වරයා හමු වූ තරුණයා පවසා ඇත්තේ ‘‘අපි බඳින්න ආවායී’’ පවසා ඇති අතර රෙජිස්ට්‍රාර්වරයා මෙම දේපල පැමිණි ත්‍රීරෝද රියැදුරාගෙන් යුවළ ගැන විමසා තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ ඔවුන් රෙජිස්ට්‍රාර් කාර්යාලයකට යාමට අවශ්‍ය බව කී නිසා කැඳවාගෙන ආ බවයි.

පසුව රෙජිස්ට්‍රාර්වරයා තරුණියගෙන් තොරතුරු විමසා ඇති අතර ඇය මාතලේ බවත් තරුණයා අනුරාධපුරයේ බවත් දෙදෙනා හඳුනා ගත් ආකාරයද විස්තර කර තිබෙනවා. මෙසේ හදිසි විවාහයකට යොමුවීමෙන් සිදුවිය හැකි අනර්ථකාරි තත්ත්වය ගැන රෙජිස්ට්‍රාර්වරයා තරුණියට කරුණු කාරණා පැහැදිලි කර දී ඇති අතර එමෙන්ම දෙදෙනාගේ පදිංචි කෝරළයන් වෙනස් වන නිසා විවාහය ලියා පදිංචි කිරීමේ නොහැකියාව ද තේරුම් කර දී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

19 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago