ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් අද සුළු කම්පනයක් වාර්තා වූ බවට වාර්තා වනවා.
කළුතර, බේරුවල, පානදුර ප්‍රදේශ ආශ්‍රිතව මෙම කම්පන තත්ත්වය දැනී ඇති බව සඳහන්. අද දහවල් 1ට පමණ බේරුවලට ඔබ්බෙන් වූ මුහුදේ භුමිකම්පාවක් සිදුව ඇති බවයි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම කම්පනයෙන් කිසිදු අවදානමක් නොමැති අතර ජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගත යුතු බව සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ තත්පර 30ක පමණ කාලයක් මෙම කම්පන තත්ත්වය හටගෙන ඇති අතර ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…