පසුගිය 2018 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට වූ චෝදනා මත වැඩ තහනමට ලක්වූ එවකට ත්‍රස්ත මර්දන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි සේවයේ ස්ථාපනය කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඔහු පුත්තලම ප්‍රෙද්ශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදු කළ බවට නාමල් කුමාර නැමැත්කු විසින් කරන ලද පැමිණිල්ලක් පසුබිම් කරගෙන ඔහුට අදාළව විනය පියවර ගැනුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද කටයුතු කෙරිණි.
කෙසේ වුවද ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා තහවුරු කර ගැනීමට විමර්ෂණවලද අපොහොසත් විය. මෙම තත්ත්වය මත වැඩ තහනමකට ලක්ව සිටි නාලක ද සිල්වා මහතා පසුගිය දා රජයේ ඉහළ පෙළේ පුද්ගලයන් වෙත සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ඔහු යළි සේවයේ ප්‍රතිෂ්ඨාපනය කිරීමට පියවර ගෙන තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…