ශ්‍රී ලංකා

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු තිදෙනාම රට හැර ගිහින් – අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුව වසා දමයි !

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝගීන් සඳහා විශ්වවිද්‍යාලයීය මහාචාර්ය ඒකකයට අනුබද්ධව පැවැති එක් වාටටුවක් එහි සේවය කළ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදේශ ගත වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමීමට සිදුව තිබේ.

එම රෝහලේ 63 වාට්ටුව මෙසේ වසා දමා ඇති අතර එහි සිටින රෝගීන් වාට්ටු අංක 24 සහ 25 වෙත යොමු කිරීමටත් ඉදිරියේදී සිදුකරනු ලබන ඇතුළත් කිරීම් එම වාට්ටු දෙකට පමණක් යොමු කරන ලෙසටත් රෝහලේ බලධාරීන් මේ වනවිට අදාළ උපදෙස් දී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පවතින ආර්ථික අර්බුදය සහ ඒ ආශ්‍රිතව පැන නැගුණ තත්ත්ව හමුවේ මෙරට වෘත්තිකයන් විශාල වශයෙන් මේ වනවිට විදේශගත වීමට සමගාමී ව මෙම තත්ත්වය නිර්මාණය වූ අතර රටේ ප්‍රධාන පෙළේ රෝහලක් විශේෂඥ වෛද්‍යවරුන් විදේශ ගත වීම හේතුවෙන් වාට්ටුවක් වසා දැමීමට සිදුවීම එහි උච්ඡතම අවස්ථාවකට ගමන් කිරීමේ මුල් පියවර විය හැකි බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරයෙක් පැවසීය.

විදේශගත වූ වෛද්‍යවරුන් වෙනුවට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයකු පත් කර තිබුණද ඔහු සෞඛ්‍ය හේතු මත මාස තුනක කාලයක් නිවාඩු ලබාගෙන ඇති බව සඳහන් වේ. මෙම තත්ත්වය අනුව පුත්තලම රෝහලෙන් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමුව ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago