සිය නිවස තුළ අභිරහස් ලෙස මියගොස් සිටි රූමත් තරුණ නීතිඥවරියකගේ මළසිරුරක් තිබී සොයාගෙන ඇත.
ඒ, පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසකදීය.
පැල්මඩුල්ල පොලීසිය සඳහන් කළේ දුෂ්මන්ති අබේරත්න නම් 40 හැවිරිදි නීතිඥවරියගේ සිරුර අද (31) උදෑසන ඇයගේ නිවසේ නිදන කාමරයේ ඇඳ මත තිබී සොයාගත් බවය.
නීතිඥවරියගේ සැමියා ඊයේ (30) රාත්‍රියේ සිට නිවසේ සිට නොමැති බවට වාර්තා වූ බවද පොලීසිය පවසයි.
මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ සාමාජිකයින් පැල්මඩුල්ල පොලීසියට දැනුම්දී ඇත.
මියගිය නීතිඥවරිය ඊයේ රාත්‍රියේ ජංගම දුරකථනයෙන් පවුලේ අයෙකුට යොමු කර තිබූ කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ද පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඇයට සිදුවු පහරදීමක් ගැන තොරතුරු එම කෙටි පණිවුඩයේ සඳහන් බව පැල්මඩුල්ල පොලීසිය පවසයි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…