ශ්‍රී ලංකා

ඛනිජ තෙල් සේවකයින්ගේ ගැටලුවට මහින්ද මැදිහත් වෙයි – වෘත්තීය සමිති නායකයෝ මහින්ද හමුවෙයි !

අනිවාර්ය නිවාඩු යවා සිටින ඛනිජ තෙල් වෘත්තීය සමිතිවලට සම්බන්ධ පිරිස් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැදිහත්වීමක් සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පවසයි.
අද (01) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව ප්‍රකාශ කළේය.

මෙරට තුළ ඉන්ධන බෙදාහැරීමේ අයිතිය විදේශීය සමාගම්වලට ලබාදීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අතරතුර ඉන්ධන බෙදාහැරීම් කටයුතුවලට බාධා කළ ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් සිව්දෙනෙකු ඇතුළු 20 දෙනෙකු පසුගිය 29 වනදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාරිත්වය පියවර ගෙන තිබුණි.

ඒ අනුව එම පිරිස්වලට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට සහ තොග ගබඩා පර්යන්ත පරිශ්‍රයට ඇතුළුවීම ද තහනම් කර තිබුණි.

වෘත්තීය සමිති නායකයින්ට අමතරව සේවකයින් කිහිපදෙනෙකු ද අනිවාර්ය නිවාඩු යැවු පිරිසට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කිරීමට එම වෘත්තිය සමිති නායකයින් අද විජේරාම පිහිටි හිටපු ජනපති නිල නිවසට පැමිණ තිබුණි.

අනිවාර්ය නිවාඩු යැවු 20 දෙනා අතරින් ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල හැර සෙසු 19 දෙනාම මෙම සාකච්ඡාව සඳහා එක්වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ ද අදාළ සාකච්ඡාවට එක්විය.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව පිරිස මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පැවසුවේ සිය ගැලුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ සාධනීය මැදිහත්වීමක් සිදුකරනු ඇති බවට විශ්වාසය කරන බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago