ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස්ලා පළමු ජය වාර්තා කරති !

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‌ය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට පසුගියවර අයි.පී.එල් ශූරතාවය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ (31) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 179 ක ඉලක්කයක් හඹා ගිය ටයිටන්ස් කණ්ඩායම ඉනිමා නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ටයිටන්ස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ෂුබ්මන් ගිල් පන්දු 36 කින් වේගවත් ලකුණු 63 ක් වාර්තා කළා.

ඔහු සමග ඉනිම ආරම්භ කළ ව්රිධිමන් සහා ලකුණු 25 යි. විජයි ශන්කර් ලකුණු 27 ක් ද, බලපෑම් ක්‍රීඩකයා හෙවත් Impact Player ලෙස ක්‍රීඩා කළ සායි සුදර්සන් ලකුණු 22 ක් ද රැස් කළා. රාහුල් තෙවාටියා නොදැවී ලකුණු 15 ක් හා රෂීඩ් ඛාන් ‌නොදැවී ලකුණු 10 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Rajvardhan Hangargekar ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අහ්මදාබාද් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 178 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ රුටුරාජ් ගයික්වඩ් පන්දු 50 කින් ලකුණු 92 ක් රැස් කිරීමට සමත් වුණා, ඒ්, හයේ පහර 9 ක් හා හතරේ පහර 4 ක් සමගින්.මොයීන් අලී ලකුණු 23 යි. පන්දු යැවීමේ දී මොහමඩ් ෂාමි, රෂිඩ් ඛාන් හා අල්සාරි ජෝසප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago