අධ්‍යාපනික

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගෙන් නිවේදනයක් !

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබා දෙන්නේනම් කඩිනමින් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ආචාර්යවරුන් සූදානම් බවය.

“ඉතා පැහැදිලිව ප්‍රකාශකරනවා. මේ උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් අපි ඉවත් වෙනවා කියලා තීරණය කළේ.. මේ බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක්වෙන අපේ සාමාජිකයින්ට යම්කිසි සහනයක් අවශ්‍යයි කියන පදනමින්. වෙනත් කිසිම ඉල්ලීමක් මේකට ගැටගැහිලා නැහැ. ඒ සමගම ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිකරන්න හදනවා සිංහල මාධ්‍යයේ උත්තර පත්‍ර බැලීම පමණයි නොකෙරෙන්නේ. දෙමළ මාධ්‍යයේ උත්තර පත්‍ර බලනවා කියලා. මම ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. මෙතන සිංහලද දෙමළද කථාවක් නැහැ. මේ කටයුත්තට සහභාගී නොවන සියලුදෙනා විශ්වවිද්‍යාල ආචාර්යවරු පමණක් නෙමෙයි පාසල් ගුරුවරුත් ඒකට සහභාගී වෙන්නේ නැහැ. ඒ නිසා මේ තත්ත්වය දිගින් දිගටම ඇදි ඇදි යන එකට අපි වගකිවයුතු නැහැ. ඒ නිසා අපි වගකීමෙන් කියන්නේ. රජය සුබවාදී ප්‍රතිචාරයක් දක්වනවානම් අපි ඕනෑම මොහොතක මේ කටයුත්ත ආරම්භ කරන්න සූදානම් වෙනවා. අද මේකට විසඳුමක් දෙනවානම් හෙට පටන් අරගෙන මේ ඉදිරියට එන නිවාඩු දවස් කියලා නැහැ අපේ සාමාජිකයින් සූදානම් උත්තර පත්‍ර බැලීමට සූදානම්.”

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago