කොළඹ හා තදාසන්න ප්‍රදේශ ඇතුළු මෙතෙක් භූ කම්පන මාන සවිකර නොමැති ප්‍රදේශවල ඉක්මනින් භූ කම්පන මාන සවි කළ යුතු යැයි භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා.
මේ වන විට ශ්‍රී ලංකාවේ භූමිකම්පා ඇතිවීමේ යම් ප්‍රවණතාවක් ඇතැයි බැලූ බැල්මට පෙනී යන බැවින්, භූ කම්පන පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව ත්, කම්පන මාන සවි කිරීම පමණක් නොව මෙරට සිදුවූ භූ කම්පන ගැන දත්ත රැස් කිරීම ආරම්භ කළ යුතු බවත් හෙතෙම කියා සිටියා.
මේ වන විට රටේ ස්ථාන කිහිපයක කම්පන මාන සවි කර ඇතත් කොළඹ හා ආසන්න ප්‍රදේශවල කම්පන මාන සවිකර නැති බව මහාචාර්යවරයා පෙන්වා දුන්නා.
1966 දී ‘හන්ටර් සර්වේයර් සමාගම’ මගින් ශ්‍රී ලංකා පොළවේ ගුරුත්වාකර්ෂණය සිතියම්ගත කළ අවස්ථාවේ කොළඹ සිට රට අභ්‍යන්තරයට දිවෙන අසාමාන්‍ය ලක්‍ෂණ සහිත රේඛාවක් හඳුනාගෙන තිබූ බව කී සේනාරත්න මහතා එය කුමක්දැයි චන්ද්‍රිකා මගින් හඳුනාගෙන නොතිබූ බව ත් එවැනි කරුණු පිළිබඳව ද අවධානය යොමු කරමින් අධ්‍යයන සිදුකළ යුතු බව ත් ඔහු පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…