ක්‍රිකට්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නිල නාමයේ වෙනසක් !

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර (02) මේ වනවිට ඕක්ලන්ඩ් හි දී පැවැත්වෙන පළමු T20 තරගාවලියේ දී සුවිශේෂී සිදුවීමක් දක්නට ලැබුණා.

ඒ නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩා කරන විට දී පෙර තිරයේ දිස්වන ‘NZ’ වෙනුවට ‘Aotearoa’ යන නාමය ආදේශ කර තිබීමයි.

මීට හේතුව සොයා යාමේ දී දැකගන්නට ලැබුණේ මෙවැනි ම සිදුවීමක් මීට පෙර එනම් 2015 වර්ෂයේ දී ද සිදු කර ඇති බවයි.

එනම් නවසීලන්තය විසින් එම වසරේ පැවැත්වුණු අප්‍රිකානු සංචාරයේ දී ද එම වසරේ අගෝස්තු මස 02 වැනි දින සිට සිම්බාබ්වේට එරෙහි පැවැති එක්දින තරගය සඳහා ද මෙම Aotearoa නාමය ආදේශ කරගනු ලැබුවා.

සැබවින්ම Aotearoa යනු කුමක්ද ? එහි තේරුම කුමක්ද සහ අද දිනයේ දී ද නවසීලන්තය විසින් එම නාමය භාවිත කර ඇත්තේ කුමන කරුණක් පදනම් කරගනිමින් දැයි සොයා බැලීම සුවිශේෂී කරුණක් වුණා.

නවසීලන්තය පැවත එන්නේ ආදි ගෝත්‍රික ආදිජන කොටසකින් වන අතර ඔවුන්ගේ පළවෙනි ජනාවාස භූමිය වූයේ නැගෙනහිර පොලිනීසියාවේ යි.

එබැවින් එම වර්ගයාව අතීතයේ පොලිනීසියානුවන් නමින් හැඳින්වූවා.

නවසීලන්තයෙන් සොයා ගත් පුරාවිද්‍යා සාක්ෂි මත ඔවුන් පසුව තායිවානයේ සිට ගිනිකොනදිග ආසියාව හරහා මෙලනීසියාවට සංක්‍රමණය වූ බවයි හෙළිව ඇත්තේ.

පසුව ක්‍රමයෙන් සැමෝවා, ටොංගා සිට හවායි, මාර්කේසාස්, පාස්කු දූපත දක්වා කලාප නවසීලන්ත ජනගහනයක් දක්වා වර්ධනය වූ බවට පිළිගැනෙනවා.

කෙසේවෙතත් ඉන් අනතුරුව නවසීලන්තයේ ප්‍රධාන භාෂාවක් වන ඔම්රි (Omri) භාෂා සතිය සැමරීම උදෙසා මෙම Aotearoa යන නාමය භාවිත කිරීම මීට එක් ප්‍රධාන හේතුවයි.

මෙහි Aotearoa යන වචනයේ තේරුම වන්නේ ‘ දිගු වලාකුළු ඇති දේශය’ යන්නයි.

ඔම්රි භාෂා සම්ප්‍රදාය සමග නවසීලන්තයට කියන තවත් අන්වර්ථ නාමයක් ලෙස එරට ඉතිහාසඥයින් පිළිගන්නේ Aotearoa යන්නයි.

මෙය වර්ණවත් කිරීමට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කමීසයේ ඉදිරිපස ද එම ලාංඡනය සටහන් කර තිබෙනවා.

Maori යන නමින් නවසීලන්තයේ චැතම් දූපත්වල සිට පැමිණෙන එරට සංස්කෘතික ජනයා තමන්ටම ආවේණික සංස්කෘතික සම්ප්‍රදායක් බිහි කරගැනීම ද මීට හේතුවක්.

සිය භාෂා සංස්කෘතිය සමරමින්, ක්‍රිකට් එක් ජාතියකට පමණක් නොව, ක්‍රීඩාවට ඇල්ම ඇති ස්ත්‍රී / පුරුෂ භේදයකින් තොරව ඕනෑම අයෙකුට විනයවත් ව ක්‍රීඩා කිරීමට ඇති හැකියාව තිබෙන ක්‍රීඩාවක් බවට ක්‍රිකට් හැඳින්වීම සම්බන්ධයෙන් ලෝකයාට ගෙන යන පණිවිඩයක් ලෙසයි නවසීලන්තය විසින් මෙම Aotearoa යන වචනය ආදේශ කර ඇත්තේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

10 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago