හෙටින් ඇරඹෙන පාර්ලිමේන්තු සතියේ විපක්ෂයේ පක්ෂ ගණනාවක් නියෝජනය කරන මන්ත්‍රීන් 6 දෙනෙක් පමණ ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වරම් ලැබූ කොළඹ දිස්ත්‍රික්කයේ විපක්ෂ මන්ත්‍රීවරයෙක්, කළුතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් දෙපළක්, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂයේ සුළු පක්ෂ නියෝජනය කරන දෙදෙනෙක් මුල් වටයේ පක්ෂ මාරුවට සම්බන්ධ මන්ත්‍රීන් පිරිසට අයත් වන බව වාර්තා වනවා.
ඒ අතර විපක්ෂයේ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන්නා වූ මන්ත්‍රීන් පිරිසක්ද පක්ෂ මාරු සූදානමක පසුවන බව එම ආරංචි මාර්ග සඳහන් කළා.
ඇතැම් විට ඔවුන් කිහිප දෙනෙක්ද හෙට (04) හෝ ඒ ආසන්න දිනක පක්ෂ මාරු කිරීමට ඉඩ ඇතැයි වාර්තා වනවා.
ඉදිරියේදී පක්ෂ මාරු කරන සෙසු මන්ත්‍රීන් අතර පොහොට්ටුවේ මන්ත්‍රීන් කිහිප දෙනෙක්ද වනවා.
මේ මන්ත්‍රීන් සියලු දෙනා එක්කරගෙන නව දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමේ සැලසුමක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…