ගල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසලක් තුළ දී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකළ සිසුවිය මේ වනවිට සැත්කමකට භාජනය කිරීමට නියමිතව තිබේ.
අප කළ විමසීමක දී පහරකෑමට ලක්වු දැරියගේ මව පවසා සිටියේ, මේ වනවිට දියණියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව කන්තලේ රෝහලේ වෛද්‍යවරු පැවසු බවය.
ගල්ඔය ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන දහම් පාසලක 11 වන වසරේ ඉගෙනුම ලැබූ බී. එම්. ඉමාෂා නැමති සිසුවිය ඊයේ (02) උදෑසන 7.45ට පමණ එම අනපේක්ෂිත අනතුරට ලක්ව තිබුණි.
සිසුවිය සමග ප්‍රේම සබඳතාවයක් පැවැත්වීමට උත්සාහ ගන්නා පුද්ගලයෙකු විසින් එම අමානුෂික ප්‍රහාරය එල්ල කර තිබේ.
සිසුවිය ඊයේ දහම් පාසලට පැමිණි අවස්ථාවේ දී ජංගම දුරකථනයක් රැගෙන විත් ඇයට එය ලබාගන්නා ලෙස අදාළ පුද්ගලයා බලකර ඇති අතර, සිසුවිය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කුපිත වී ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් ඇන තිබුණි.
කෙසේ වෙතත් මේ වනවිට ප්‍රහාරය එල්ල කළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…