ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් අමතරව රුපියල් 1,350 ක මුදලක් අයකර ගත් බව පැවසෙන දෙහිවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ඒකකයේ ජේෂ්ඨ විමර්ශන නිලධාරී ඊ යු රන්ජන පවසනවා.
එය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙතෙක් පෞද්ගලික රෝහලකට හෝ රසායනාගාරයක් සඳහා පැනවූ වැඩිම දඩ මුදල බවයි ඔහු සඳහන් කළේ.
ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂාවක් සඳහා ගැසට් පත්‍රයේ සඳහන් නියමිත ගාස්තුව වන රුපියල් 1200ක මිල ඉක්මවා රුපියල් 2500 ක මුදලක් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂණය සඳහා නියමිත ගාස්තුව වන රුපියල් 400 ක මුදල ඉක්මවා රුපියල් 550ක මුදලක් ද අදාළ පුද්ගලික රෝහල මගින් රෝගීන්ගෙන් අය කර තිබූ ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අදාළ රෝහලට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කිරීමෙන් අනතුරුව එම දඩ මුදල නියම කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…