ලොව අතිශය ජනප්‍රිය BAT MAN චිත්‍රපට මාලාවේ ප්‍රධාන නලුවා ලෙස රංගනයෙන් දායක වන Christian Bale මේ දිනවල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ තිබේ.
ඔහු 2000 වසරේදි American Psycho චිත්‍රපටයේ රඟපානවා.. මේක වෙනුවෙන් ඔහු බොහෝ ව්‍යායාම සිදුකරමින් තමන්ගේ සිරුර ශක්තිමත් අයෝමය පුරුෂයෙකුගේ ආකාරයෙන් ගොඩනගා ගන්නවා. ඔහු ඒ වෙනුවෙන් කෑම වේල් පාලනය කරමින් විශාල වෙහෙසක් ගන්නවා වගේම දන්ත වෛද්‍යවරයෙකු ලවා ඔහුගේ හිනාව වඩාත් ආකර්ශණීය වීම සඳහා ඉදිරි දත් අතර හිඩැස් නැති කිරීමට ප්‍රතිකර්මයක් සිදුකරවා ගන්නවා. ඒවගේම ඔහුගෙ Batesman චරිතය සිනමා රසිකයක් ආදරයෙන් වැලඳගන්නවා වගේම Bale ගෙ නම ප්‍රේක්ශකයන් අතරට මුලින්ම රැගෙන ගිය චරිතයක් ලෙසින්ද අදටත් සැලකෙනවා..
ඉන්පසුව 2004, වසර හතරකට පසුව ඔහු The Machinist වෙනුවෙන් රංගනයේ යෙදෙනවා. එහි ඔහු රඟපාන නින්ද නොයාමේ රෝගයෙන් පෙලෙන Trevor Reznik චරිතය වෙනුවෙන් ඔහු සිරුරේ බරෙන් රාත්තල් 60 ක් අඩුකරගන්නවා
ඉන් වසරකට පසුව 2005 වසරේදි… නැවතත් Christian Bale ට අයෝමය සිරුරක් සහිත චරිතයක් වන ලෝක ප්‍රකට BAT MAN චරිතය වෙනුවෙන් රංගනයේ යෙදීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ වෙනුවෙන් The Machinist හි රූගත කිරීම් අවසන් කරන 2003 ජූලි මස සිට 2004 පෙබරවාරි මස දක්වා මාස හතක පමණ කාලයක් ඇතුලත රාත්තල් 100 කින් තම සිරුරේ බර වැඩිකරගන්නවා.. ඒවගේම නැවතත් Nolan ගෙ ඉල්ලීම මත රාත්තල් කිහිපයකින් බර අඩුකරගැනීමටද ඔහුට සිදුවෙනවා..
Batman Begins චිත්‍රපටයෙන් වසරකට පසු නැවතත් Bale ට කෙසඟ මිනිසෙකු වන්නට සිදුවෙනවා. ඒ Rescue Dawn චිත්‍රපටය වෙනුවෙන්.. ඒ වෙනුවෙන්ද සිරුරේ බර සෑහෙන ප්‍රමාණයකින් අඩුකරගත්තත් මේ වතාවෙ ඔහු The Mechinist හි මට්ටමට නම් යන්නෙ නෑ. නමුත් ඉතා කෙසඟ ගුවන් නියමුවෙකුගේ චරිතයක් ඔහු මෙහි අපූරුවට රඟපෑමෙහි යෙදෙනවා..
ඉන් වසර දෙකකට පසුව 2008 වසරේදී නැවතත් BAT MAN ලෙසින් කරලියට ඒමට ඔහුට සිදුවෙනවා.. ඒ The Dark Knight චිත්‍රපටයට. ඒ වෙනුවෙන් ඔහු වසරකට මදක් අඩු කාලයකදි නැවතත් තම සිරුර වර්ධනය කරගැනීමට සමත්වෙනවා…
2010 වසරේදි The Fighter චිත්‍රපටයේ හිටපු බොක්සිං ක්‍රීඩකයෙකු,පුහුණුකරුවෙකු වන Dicky Eklund චරිතය වෙනුවෙන් Bale නැවතත් රාත්තල් 30 කින් තම සිරුරේ බර අඩුකරගන්නවා.. ඒවගේම ඒ චරිත නිරූපනය වෙනුවෙන් ඔහු හොඳම සහය නලුවාට පිදෙන ඔස්කාර් සම්මානය දිනාගැනීමට සමත්වෙනවා..
2012 වසරේදී නැවතත් Batman වෙනුවෙන් මහන්සි වන්නට ඔහුට සිදුවෙනවා..ඒ අවසාන Batman චරිත නිරූපණය වෙනුවෙන්.. ඒ සඳහාද ඔහු රාත්තල් හතලිහකින් පමණ නැවත සිරුර වර්ධනය කරගත් බව සඳහන්..
ඉන් වසරකට පසුව 2013 වසරේදී Christian Bale කෙසඟ චරිතවලට තිත තබලා තරබාරු චරිත සඳහා මාරුවීම සිදුකරනවා. ඒ American Hustle චිත්‍රපටයේ Irving Rosenfeld නම් වංචාකරුගේ චරිතය වෙනුවෙන්.. ඒ සඳහා ඔහු රාත්තල් 185 ක සිට රාත්තල් 228 ක් දක්වා රාත්තල් 43 ක් නැවත තම සිරුර වර්ධනය කර තරබාරු වෙනවා. මේ රංගනය වෙනුවෙන් ඔහු හොඳම නලුවා සම්මානය වෙනුවෙන් ඔස්කාර් නිර්දේශයන් අතරටද එක්වෙනවා..
ඔහු ගාල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වන දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුනා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…