ශ්‍රී ලංකා

මැදවච්චියේ ඉන්ධන සොරකම ගැන අධිකරණයෙන් පොලිසියට නියෝගයක් !

මැදවච්චිය දුම්රිය ස්ථානයේ නවතා තිබූ බවුසර් රථයකින් ඉන්ධන සොරකම් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 26 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කැබිතිගොල්ලෑව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වෙත මැදවච්චිය මහේස්ත්‍රාත් ප්‍රියන්ත හාල්යාල නියෝග කර තිබෙනවා. ඒ, එම විමර්ශන අංශය විසින් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමින්.

අදාළ බවුසර් රථයේ තිබූ ඩීසල් ලීටර් 1,510 ක් ඉතා සූක්ෂම ආකාරයෙන් සොරාගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් ලක්ෂ හතකට ආසන්න වන බවයි පොලීසිය පැවසුවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක නිලධාරියෙකු විසින් කැබිතිගොල්ලෑව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබුණා. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන අරඹා මේ වනවිටත් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි එම විමර්ශණ අංශය අධිකරණයට දැනුම් දුන්නේ.

මෙම ඩීසල් සොරකම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මගින්ද වෙනමම මූලික විමර්ශනයක් සිදු කර ඇති අතර එම විමර්ශන වාර්තාවට අනුව මෙම ඩීසල් සොරකමට වගකිව යුත්තන් ලෙස නම් කර ඇත්තේ අනුරාධපුර දුම්රිය ස්ථානයේ ආරක්ෂක කාර්ය භාර නිලධාරියා ඇතුලු තිදෙනෙක්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago