වව්නියාව නෙදුන්කේනි ප්‍රදේශයේ පිහිටි වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල පුරාවිද්‍යා භූමියේ තිබූ දේව ප්‍රතිමා කිහිපයක් කිසියම් පිරිසක් විසින් කඩා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුලු පිරිසක් එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වුණා.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සමඟ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාද එක්ව තිබූ අතර එම පිරිස් විසින් වඩුන්නාගල පුරාවිද්‍යා භූමියේ තාවකාලිකව ඉදිකොට තිබූ හින්දු කෝවිල් පූජකයින් හමුවී සාකච්ඡාවක නිරත වුණා.
එමෙන්ම අමාත්‍යවරයා විසින් වඩුන්නාගල් පුරාවිද්‍යා භූමියේ ඉදිකොට ඉවත් කරන ලද දේව ප්‍රතිමා වෙනුවට අලුතින් ප්‍රතිමා කිහිපයක් රැගෙනවිත් තිබුනද එම ප්‍රතිමා තැන්පත් කිරීමට නොහැකි බවට නෙදුන්කේනි පොලීසිය විසින් දැනුම් දී තිබුණා.
ඊට හේතුව වී ඇත්තේ අදාල පුරාවිද්‍යා භූමිය සම්බන්ධයෙන් මේ වන විට වව්නියාව අධිකරණයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නඩු ගොනුකොට ඇති බැවින් අදාල නඩු අවසන් වන තුරු කිසිදු ඉදිකිරීමක් කළ නොහැකි බවට අධිකරණය මගින් නියෝග කිරීම හේතුවෙන්.
පසුව ජීවන් තොණ්ඩමන් මහතා ඇතුලු පිරිස කොවිල් පූජකවරුන්ගෙන් අදාල ස්ථානය පිළිබඳව ලිපි ලේඛන ලබා දෙන ලෙසටත් තමන් අධිකරණ නියෝගයන්ට එරෙහි නොවන බවටත් දැනුම් දී අදාල ගැටලුව සමබන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට කඩිනම් විසඳුමක් ලබාදෙන බවටද පවසන ලදි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…