සෞඛ්‍ය

සිරුරෙන් වෙන්වී තිබූ අතක් පැය 4ක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව බද්ධ කළ කෑගල්ලේ වෛද්‍යවරු !

සිරුරෙන් වෙන්වී තිබූ අතක් පැය 4ක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි.

කෑගල්ල එරබඳුපිටිය ප්‍රදේශයේ ඥාතීන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි තරුණියගේ අතට මන්නා ප්‍රහාරයක් එල්ලවී ඇත.

එම ප්‍රහාරයෙන් තරුණියගේ වම අතේ පහළ කොටස වෙන්වී ගොස් තිබූ බව වෛද්‍යවරුන් පවසයි.

කෙසේ වෙතත් අයිස් බෑගයකට දැමූ එම තරුණියගේ වෙන් වී ගිය අතේ කොටස සමඟ තරුණිය කඩිනමින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී වහාම ක්‍රියාත්මක වූ කෑගල්ල මහ රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සිරුරෙන් වෙන්වී ගිය අත බද්ධකිරීම සඳහා සැත්කමක් ආරම්භ කර තිබේ.

කෑගල්ල රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා පැවසුවේ සහයක වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය, සෞඛ්‍ය සහයක කණ්ඩායම් සහ ලේ බැංකුව විසින් ලබාදුන් නොමද සහාය මත එම තරුණියගේ අත සාර්ථකව බද්ධ කිරීමට හැකියාව ලැබුණු බවය.

ශල්‍යකර්මයෙන් අනතුරුව තරුණිය දැඩි කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර තරුණියගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

23 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago