රත්වෙමින් තිබූ රයිස් කුකර් එකක පියනෙන් 16 හැවිරිදි දියණියගේ මුහුණ පිළිස්සූ පියෙකු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පින්වත්ත පොලීසිය පවසයි.
පින්වත්ත, වඩුපාසල් වත්ත ප්‍රදේශයේ පදිංචි දැරියක් සිය මව සමග පැමිණ එම පැමිණිල්ල සිදුකර තිබුණි.
පිළිස්සීම් තුවාල සහිත දැරිය සිය මව සමග පෙරේදා (05) රාත්‍රියේ පොලීසියට පැමිණිලි කර, ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට පිටත්ව ගිය බව පොලීසිය පැවසීය.
දැරිය එදින රාත්‍රි නිවසේ බත් පිසමින් සිට ඇති අතර, සැකකරු රාත්‍රි 7.45ට පමණ නිවස පැමිණ තිබේ. ඒ මොහොතේ දැරියගේ මව අසල වෙළෙඳ සැලකට ගොස් සිට ඇත.
රයිස් කුකර් පියන විවෘත කර බැලූ සැකකරු “මෙතරම් හාල් මොකටද උයන්නේ” යනුවෙන් පවසා රයිස් කුකර් පියන ගෙන දැරියගේ මුහුණට තබා ඇති බවට දැරිය ප්‍රකාශ කළ බව පොලීසිය පැවසීය.
මුහුණ සහ කම්මුල්වල පිළිස්සුම් තුවාල ලැබූ දැරිය ඉක්මනින් රෝහල් ගත කිරීමට යොමුකළ බව පොලිස් නිලධාරීයෙක් කියා සිටියේය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පත්ම නන්දන මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නාමල් මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…