තම වී මෝලට ගැමියන් ගෙන එන වී නොමිලේම කොටා දෙන අපූරු වී මෝල් හිමියෙක් ගැන කිරිඉබ්බන්ආරෙන් වාර්තා වෙනවා. ලක්‍ෂ්මන් අයියාගේ හාල් මෝල නමින් ප්‍රදේශයේ සියලු දෙනා හඳුනන මහ පරිමාණ වී මෝලක් වන සංජීවනී වී මෝලේ පසුගිය අවුරුදු තුනක් තිස්සේ ගම්වැසියන්ගේ වී කොටා දෙන්නේ නොමිලේය.
එම තොරතුරු සොයා ගිය ගමනේදී අපට දැකිය හැකි වූයේ නොකඩවා ගම්වැසියන් විසින් තම වී සහල් කර ගැනීම සඳහා එහි ගෙන එන අන්දමයි. ට්‍රැක්ටර්වලින්, ත්‍රීවීලර්වලින්, යතුරුපැදිවලින් සහ පාපැදිවලින් මෙන්ම තම හිස මත තබා ගෙනද ගෙන ආ වී මිටි පෝලිමේ විය.
ඔහු යටතේ සේවකයන්ද කිහිපදෙනකු සේවය කරන ආකාරය දක්නට විය.
මේ මෝලේ හිමිකරු මුණගැසෙන්නට පෙර අපි වී රැගෙන පැමිණි පිරිස් සමඟ මේ කතාව සත්‍යදැයි දැන ගැනීම සඳහා කතා කළෙමු. ඔවුන් අපට කියා සිටියේ අපෙන් කවදාවත් සල්ලි ගන්නේ නැහැ. අපිට වී ටික නොමිලේ කොටා දෙනවා. ඇත්තටම මේ කරන පිනෙන් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන යනුවෙනි.
සංජීවනී වී මෝලේ අයිතිකරු එන්.වී. කීර්ති තරුණයෙකි. වැඩිමහල් අය, බාල අය හැමෝම කියන්නේ ලක්‍ෂ්මන් අයියා කියායි. මම ප්‍රසිද්ධ වෙන්න කැමැති නැහැ. මම මේ කරන්නේ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මගේ බිරිය මෙන්ම දරුවන් තුන්දෙනාද මේ කිසිම දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. මම මීට වසර තුනකට උඩදී තමයි මේ විදිහට මිනිසුන්ට වී ටික නොමිලයේ සහල් කරලා දෙන්න ආරම්භ කළේ. ඒකට හේතුව වුණේ මම අලුතින් වී මෝලක් ගෙනාවා. ඒක මම විවෘත කරන්න හිටිය දවසේ වැඩිමහල් දියණිය කිව්වා තාත්තේ වැඩ ආරම්භ කරන දවසේ සල්ලි ගන්න එපා. එදාට එන හැමෝගෙම වී ටික නොමිලයේ සහල් කරලා දෙන්න කියලා. මම මගේ දුවගේ වචනය විශ්වාස කළා. ඒ අනුව එදා මම හැමෝගෙම වී ටික මුදල් ගන්නේ නැතිව කොටලා දුන්නා. එතකොට තමයි කොරෝනා උවදුර ආවේ. ඒ කාලේ මිනිසුන්ට ඉතාමත් අමාරු නිසා මම මුදල් ගත්තේ නැහැ. ගමේ කියලා බැලුවේ නැහැ. හැමෝගෙම වී ටික නොමිලේ හාල් කරලා දුන්නා.
දැන් කොරෝනා ඉවරයි. ඒත් ඒ වැඩේ මම දිගටම කරගෙන යනවා. මම මේවායින් මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම වී ටික ගමේ මිනිසුන්ට කොටලා දුන්නා කියලා මට පාඩුවක් වෙන්නේත් නැහැ. මම කරන්නේ හාල් ව්‍යාපාරයක්. අම්පාර හා සෑම ප්‍රදේශයකින්ම වී ගෙනත් සහල් කරලා අලෙවි කරනවා. ඒක නිසා මිනිසුන්ට හාල් ටිකක් කොටලා දුන්න කියලා මට පාඩුවක් නැහැ. මගේ දරුවන් තුන්දෙනාම සහ බිරිය මේ වැඩේට හරි කැමැතියි. ඒ අය ඒකට මට ගොඩක් උදවු කරනවා.
මම මගේ ජීවිතයේ තියෙනකම් මේ වැඩේ ගමේ මිනිස්සු වෙනුවෙන් කරනවා. මොකද මම දිගටම හාල් ව්‍යාපාරය කළේ. මේ මිනිස්සු හින්දා තමයි අද මම මේ තත්ත්වයේ ඉන්නේ. ආර්ථික අපහසුතා ඇති මෙවන් අවස්ථාවන්හිදී ඒ වෙනුවෙන් මෙවැනි සද්කාර්යේ යෙදීම අතිශයම මානුෂීය කටයුත්තකි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒම සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ සාකච්ඡාවක්…
කාන්තාවන්ගේ අත්බෑග් සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.…
ටිම් ඩේවිඩ්ගේ ප්‍රහාරත්මක ඉනිම හේතුවෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 6ක…
ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන 'බස් ලලියා' හෙවත් ලලිත් කන්නන්ගරගේ මත්ද්‍රව්‍ය ජාවාරම…
ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් 100 මුදල් නෝට්ටු 4000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු රත්නපුර…
ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්නකිරීමේදී තවත් කරුණු…