අධ්‍යාපනික

සිසු සැරිය නවතින ලකුණු !

පාසල් සිසුන් ප්‍රවාහන සේවාවෙන් ඉදිරියේදී ඉවත්වීමට සිදුවන බව සමස්ත ලංකා සිසු සැරිය පාසල් ප්‍රවාහන සැපයුම්කරුවන්ගේ සංගමය පැවසීය.

සිසු සැරිය සේවාව සඳහා ගෙවිය යුතු මුදල් වගකිව යුතු පාර්ශ්වය ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවී ඇති බව ද එම සංගමය සඳහන් කළේ ය.

ආර්ථික අර්බුද හමුවේ මෙම කර්මාන්තයේ නියැළෙන තම සංගමයේ කිසිවෙකුට ජනවාරි සිට මාර්තු මාසවලට අයත් කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බව එම සංගමයේ සභාපති ඊ.එම්. මහින්ද ඒකනායක පැවසීය.

බස් රථ සඳහා දෛනිකව අවශ්‍ය කිසිදු අමතර පහසුකමකින් තොරව මෙම කර්මාන්තය සිදු කරන බවත් ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන සඳහා ද මේ වන විට හිඟ මුදල් ගෙවීමට තිබෙන බව ත් හෙතෙම කීය.

මෙවැනි අර්බුදයන් හේතුවෙන් තම කර්මාන්තය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති බව ද ඔහු පැවසීය.

තම සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් ඔවුන් ඉදිරියේදී සේවයට වාර්තා නොකළහොත් මේ කර්මාන්තය අකර්මණ්‍ය වනු ඇති බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් අමාත්‍යංශය ගෙන නොමැති බව ත් එලෙස සේවාවෙන් ඉවත් වෙන බව කිසිවෙකු දන්වා නොමැති බව ත් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ලේකම් එම්.එම්.සී.කේ. මායාදුන්නේ පවසයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago