පෙර පාසල් ගුරුවරියක් වූ 25 හැවිරිදි අවිවාහක තරුණියක් පේරාදේණිය මුරුතලාව ප්‍රදේශයේදී ඊයේ (07) ඝාතනය කර තිබුණා.
යතුරුපැදිකරුවෙක් තියුණු ආයුධයකින් පහරදී ගෙල කපා ඝාතනය කර පළාගොස් ඇති බවට සැක සහිත බව පොලීසිය පවසනවා.
මෙලෙස මියගියේ පේරාදෙණිය, මුරුතලාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අංජලී චාපා සෙව්වන්දි ජයවීර නමැති පෙර පාසල් ගුරුවරියක්.
අද උදෑසන ඇය නිවසෙන් පිටත්ව ගොස් තිබුණේ පෙර පාසලේ සංවිධාන කෙරුණු අවුරුදු උත්සවයට සහභාගීවීම සඳහාය. නමුත් ඇයට නිවසින් බැහැරවී මීටර් 750 ක දුරක්වත් ඇයට යන්නට හැකිවී නොතිබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් අංජලීගේ මව පැවසුවේ දියණිය නිවසින් පිටවී කෙටි වෙලාවකින් ඇයගේ පෙම්වතා දුරකථන ඇමතුමක් ලබාදී අංජලීට අනතුරක් සිදුවී ඇති බවට පැවසු බවයි.
“ගෙදරින් ගියේ 7.15 ට විතර. මෙයා යාලුවෙලා ඉන්න පුතා කෝල් කළා, අම්මා මගට යන්නකෝ අංජුට මොකක්හරි කරදරයක්. මාලේ දෙන්නම් කියලා කියන එක විතරයි මට ඇහුණේ ගිහින් බලන්න කියලා කිව්වා. පරණ සම්බන්ධයක් තිබ්බා. මම නිතර නිතර අහනවා එයාගෙන් කරදර මොකුත් වෙනවද කියලා. මට කියලා නම් නැහැ”
බරපතළ තුවාල සහිතව මාර්ගයේ ඇද වැටී සිටි ඇය ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ඉලුක්තැන්න රෝහල වෙත රැගෙන ගොස් තිබුණ ද ඉන් කෙටි වේලාවකට පසු අංජලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පේරාදෙණිය පොලිස් ස්ථානයේ අපරාධ අංශ නිලධාරීන් විමර්ශන සිදුකරන අතර ඝාතනයේ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය පවසනවා.
කොසේ වෙතත් අංජලිගේ සහෝදරිය පැවසුවේ ඇගේ රන් මාලය ගලවා ගැනීමට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැක සහිත බවයි.
“ෆෝන් එකෙන් අපිට ඇහුණේ චේන් එක දෙන්නම් පිහියෙන් අනින්න එපා කියලා. ඒ නිසා අපිට හිතෙන්නේ හොරෙක්.. එක්කෝ මෙයාට පිහියෙන් ඇනලා තියෙනවා කියලා”
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…