සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
වෛද්‍ය රාජිත සේනාරත්න තව දුරටත් සමගි ජන බලවේගයේ රැඳී සිටිමින් ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා ගන්නා බව ප්‍රකාශ කිරීම හා ඊට අදාල පියවර ගැනීම හේතුවෙන් පක්ෂයේ විනය කඩකිරීමක් සිදුකර ඇති බවට මන්ත්‍රීවරු පිරිසක් සජිත් ප්‍රේමදාසගෙන් කළ ඉල්ලීමට අනුව එම පියවර ගෙන ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.
රාජිත සේනාරත්න දිගු කාලයක සිට පක්ෂයේ ඉදිරි ගමනට බාධා වන අයුරින් හැසිරෙමින් එහි ක්‍රියාකාරීන් ආණ්ඩුව සමග එක් කරගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇති බව ඉහත මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්රේමදාව දැනුම්වත් කර ඇති බවද එම ප්‍රකාශකයා කීය.
එ් අනුව ඉදිරියේ දී රාජිත සේනාරත්න සම්බන්ධව විනය පරීක්ෂණයක් පවත්වා ඔහු වැරදිකරු බවට පත් වුවහොත් ඔහුව පක්ෂයෙන් නෙරපා හරින බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…