සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා. සුපුරුදු පරිදි එම කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ දිමුත් කරුණාරත්න හටයි. නිමා වූ නවසීලන්ත සංචාරය නියෝජනය කළ ක්‍රිඩකයින්ගෙන් ලහිරු කුමාර සහ කසුන් රාජිතට අයර්ලන්තයට එරෙහි සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.
එමෙන්ම ලසිත් ඇඹුල්දෙනිය නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙන අතර දුෂාන් හේමන්ත ද පළමු වරට ටෙස්ට් සංචිතයට කැඳවා ඇති බව වාර්තා වෙනවා. පැතුම් නිස්සංක මෙම සංචිතය සඳහා ද ඇතුළත් නොවන අතර සදීර සමරවික්‍රම ටෙස්ට් සංචිතය සඳහා නම් කර තිබෙනවා.
තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය,
කෙසේ නමුත් මෙම සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.
අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…