ශ්‍රී ලංකාව තුළ රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා චීනය විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ආශ්‍රිතව අදාළ රේඩාර් පද්ධතිය පිහිටුවීමට යෝජනා කර ඇති බව ද ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියාවේ නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම එම රේඩාර් පද්ධතිය පිහිටුවීමේ අරමුණ බව අදාළ වාර්තාවේ සඳහන්ය.
දෙවුන්දරතුඩුව ආශ්රිත කැලෑ ප්‍රදේශයක ඉදිකිරීමට යෝජනා කර ඇති අදාළ රේඩාර් පද්ධතිය චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යාවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය විසින් මෙහෙය වීමට නියමිතය.
අදාළ රේඩාර් පද්ධතිය ස්ථාපිත කළහොත් දියාගෝ ගාසියා දූපතේ අමෙරිකා එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ඇති බව ඉකනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
මෙම නිරීක්ෂණ පද්ධතිය මගින් නැගෙනහිර අන්දමන් සහ නිකෝර්බා දූපත් දක්වා පරාසයක ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බව ද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…