ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍ර දේවී දුම්රිය උතුරු කළුතර ප්‍රදේශයේ දී එන්ජිම මැදිරිවලින් වෙන්වී අද (09) උදෑසන ධාවනය වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ උතුරු කළුතර සහ නොම්මර 1ක දුම්රිය ස්ථාන අතර මාර්ගයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි.
දුම්රිය එන්ජිම දුම්රියෙන් ගැලවී ගොස් කිලෝමීටරයක් පමණ දුරක් ධාවනය වී තිබෙනවා.
නියාමක මැදිරියේ කප්ලීමට ඉහළින් දුම්රිය ඉන්ජිමේ කප්ලිම පැනීම හේතුවෙන් එය සිදුව ඇති බවට ද වාර්තා වනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ කියා සිටියේ මිනිත්තු 15ක පමණ කාලයකින් පසු යළිත් දුම්රිය එන්ජිම සවිකිරිමෙන් පසු එම දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට කටයුතු කළ ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…