ශ්‍රී ලංකා

ශ්‍රී ලාංකිකයන් 248ක් රැගෙන නවසීලන්තයට යන්න ගිය බහුදින යාත්‍රාවක් ආගිය අතක් නෑ !

ශ්‍රී ලාංකිකයින් 248 දෙනෙකු රැගෙන නවසීලන්තය බලා යාත්‍රා කළ ධීවර යාත්‍රාවක් පිළිබදව මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව නවසීලන්ත ගුවන් විදුලිය ඊයේ (8) නිවේදනය කළේය.

මෙම ධීවර යාත්‍රාවේ වෙනත් රටවල පිරිසක්ද සිටින බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

මාර්තු මස 28 දා මෙම ධීවර යාත්‍රාව මගින් පිරිසක් නවසීලන්තයට රැගෙන යමින් සිට ඇත්තේ සංක්‍රමණික මිනිස් ජාවාරමේ නිරත වූ පිරිසක් බවද නවසීලන්ත ගුවන් විදුලිය ප්‍රකාශ කළේය.

මෙවැනි නීති විරෝධී යාත්‍රාවක් නවසීලන්තයට පැමිණෙන බවට නවසීලන්ත රජයට ලැබුණු තොරතුරක් මත එම යාත්‍රාව අත් අඩංගුවට ගැනීමට සියලු කටයුතු යොදා තිබුණු නමුත් එවැනි යාත්‍රාවක් මේ දක්වා නොපැමිණි බව නවසීලන්ත ගුවන් විදුලි වැඩ සටහනකට සහභාගී වූ එරට ආගමන විගමන අමාත්‍ය මයිකල් වුඩ් ඒ පිළිබදව වැඩි විස්තර ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කොට සිටියේය.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයින් 248 ක් සමග ධීවර යාත්‍රාවක් නවසීලන්තය බලා යාතා කළ බවට මිනිස් මෙම ජාවාරමේ නිරත ඒජන්සිකරුවාද පිළිගෙන තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago