ඉන්දියානු ණය සහනය යටතේ පෞද්ගලික ඉන්දියානු සැපයුම්කරුවෙකුගෙන් ඖෂධ ආනයනය කිරීමට ගත් සෞඛ්‍ය අමාත්‍යංශ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් අත්හිටුවා තිබේ.
සේවරිට් ෆාමකියුටිකල්ස් (Savorite Pharmaceuticals (Pvt) පෞද්ගලික ආයතනය වෙතින් මිලදී ගන්නා නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බවට ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.
එලෙසම, සේවොරිට් හා කෞෂික් තෙරපියුටික්ස් ලිමිටඩ් Kausikh Therapeutics (P) Limited (KTL)යන ඉන්දියානු පෞද්ගලික ආයතන මඟින්, නියාමන අධීක්ෂණ මඟ හරිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ මිලදී ගැනීමට ගෙන ඇති තීරණයට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් Transparency International Sri Lanka (TISL) ශ්‍රී ලංකා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යාමටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.
මෙහිදී විනිසුරු මුර්දු එන් බී ප්‍රනාන්දු ප්‍රමුඛ යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි යන විනිසුරුවන් මෙම පෙත්සම විභාගයට ගත්හ. ඔවුන් පැවසුවේ මෙම ගනුදෙනුවේ නීත්‍යනුකූලභාවය පිළිබඳව ද ප්‍රශ්න ඇති බවයි.
ගුණාත්මකභාවය හා ආරක්ෂණ අවශ්‍යතා සපුරා ඇති බවට හා ප්‍රසම්පදානය නීත්‍යනුකූල බව සනාථ කිරීමෙන් තොරව, සැවෝරයිට් වෙතින් අනාගත ඖෂධ ආනයනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග ලබා දුන්නේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…