ශ්‍රී ලංකා

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට !

හැමිල්ටන් රිසර්ව් බැංකුව ගෙන ආ නඩුවක් නිෂ්ප්‍රභ කරන්නැයි ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම එක්සත් ජනපදයේ දිස්ත්‍රික් අධිකරණයක් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අධිකරණය ලබාදුන් එම තීන්දුවට අනුව ශ්‍රී ලංකා රජය අදාල මුදල ගෙවිය යුතු ද යන්න තීරණය කිරීමට අදාල නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඩොලර් මිලියන 257 කට වැඩි බැඳුම්කර සහ පොලී මුදලක්, පැහැරහැරීමක් සම්බන්ධව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් මෙම නඩුව ගොනු කර තිබෙන බවට වාර්තා වෙනවා.

මේ අතර විදෙස් අධිකරණයක් ණය සම්බන්ධ නඩුවකදී, ශ්‍රී ලංකාවට එරෙහිව තීරණයක් ගතහොත්, මෙරට විදෙස් වත්කම් අත්පත් කර ගැනීමේ අවධානමක් ද උද්ගත විය හැකි බව විද්වතුන් පෙන්වා දෙනවා.

2012 වසරේ දී ආර්ජන්ටිනාවට අයත් නෞකාවක් ගානා වරායකදී අත්පත් කර ගැනීමේ සිදුවීම ඊට උදාරණයක් බවත් අම‍ෙරිකානු ආයතයක්, ආර්ජන්ටිනාව ණය පැහැරහැරීමක් සම්බන්ධයෙන් ගානා උසාවියකදී ගොනු කළ නඩු තීන්දුවකට අදාලව මෙම අත්පත් කර ගැනීම සිදුව තිබුණා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago