ශ්‍රී ලංකා

ජීවත්වීම සඳහා සුදුසු වාතාවරණයක් රටේ නොමැති බව සෞඛ්‍ය ඇමති කියයි !

ජීවත්වීම සඳහා සුදුසු වාතාවරණයක් රටේ නොමැතිව දිනෙන් දින කටුක අත්දැකීම් ලබන්නට සිදුවන්නේ නම් ඕනෑම වෘත්තියවේදියෙක් තමන් සතු සුදුසුකම් අනුව වෙනත් සුදුසු රටකට ගොස් නිදහසේ ජීවත්වීමට උත්සහ කිරීම සාමාන්‍ය තත්ත්වයක් බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
සෞඛ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ මහනුවර ගලහ ප්‍රදේශයේ පැවති උත්සයකින් පසු මාධ්‍ය අමතා අදහස් දක්වමිනි.

ඇමතිවරයා පෙන්වා දෙන්නේ රට හැර යෑම සම්බන්ධව වෘත්තිකයින්ට දොස් පැවරිය නොහැකි බවය.

නමුත් මේ වනවිට යළිත් රට ක්‍රමානුකූලව යහපත් දිශාවට ගමන් ගන්නා බැවින් රට හැර ගිය වෘත්තිකයින් ඉදිරියේ දී නැවත රටට එනු ඇතැයි තමා විශ්වාස කරන බවට ඇමතිවරයා විශ්වාසය පලකළේය.

කෙසේ වෙතත් ඉදිරියේ දී වෛද්‍ය පීඨවෙත බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තුන් ගුණයකින් පමණ ඉහළ දමා තිබෙන බැවින් ඉදිරි කාලයේ දී මෙරට වෛද්‍ය හිඟය පහව යනු ඇතැයි ද සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago