ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනය තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (10) නිකුත් කිරීමට නියමිතව තිබේ.
අදාළ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය විසින් එම ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.
එම ගැසට් නිවේදන නිකුත් කිරීමෙන් පසු ජුනි 1වන දා සිට ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන වර්ග කිහිපයක් ආනයනයට අදාළ තහනම බලපැවැත් වේ.
ඒ අනුව ප්ලාස්ටික් පයිප්ප සහ උපාංග, ප්ලාස්ටික් පිඟන් භාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ප්ලාස්ටික් සනීපාරක්ෂක වැසිකිළි උපාංග ආනයනය තහනම් වන සඳහන්ය.
එමෙන්ම යෝගට් කෝප්ප හැර එක් වරක් පමණක් භාවිත කළ හැකි කෝප්ප, ප්ලාස්ටික් හැදි, ගෑරුප්පු, පිහි, ප්ලාස්ටික් ඉදිආප්ප වට්ටි, කෘතිම මල්, කොළ සහ පළතුරු ආදියද ආනයනය තහනම් කිරීමට නියමිතය
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…