හෙදියක ලබා දුන් කිරි කෝප්පයක් පානය කිරීමෙන් පසුව වෛද්‍යවරයකු රෝගාතුර වූ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.
මිද්දෙණිය කාරියමඩිත්ත රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු මෙලෙස රෝගාතුර වී ප්‍රතිකාර ලබා ගැනීමට ඉකුත් 7 වැනිදා තංගල්ල මූලික රෝහලට ඇතුළත් වී තිබිණි. ඔහු මහරගම පදිංචි 53 හැවිරිදි අයකු වන බව කියයි.
මෙම වෛද්‍යවරයා රාජකාරි කරන අවස්ථාවේදී රෝහලේ හෙදියක විසින් කිරි කෝප්පයක් ලබාදී ඇතැයි කියයි. එය පානය කළ වෛද්‍යවරයා රාජකාරි නිමවී නිල නිවාසයට ගොස් ඇති අතර පසුදින පෙරවරු 9.00 පමණ වනතුරුත් සුපුරුදු පරිදි රෝහලට නොපැමිණීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලයේ සේවයකු ගොස් ඔහු ගැන සොයාබලා ඇත. එම වෛද්‍යවරයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් වී තිබිණි.
පොලිසිය සැකකරන්නේ කිසියම් විෂ ද්‍රව්‍යයක් ශරීරගත වීම හේතුවෙන් වෛද්‍යවරයා රෝගී වී ඇති බවයි. කෙසේ වුවද මේ වන විට වෛද්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බව කියයි.
පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍යවරයාගේ රුධිර සාම්පල යවා ඇති බවත්, මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ පැවැසුවේය.
එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ…
කහතුඩුව ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන ගිය බව කියන 15 හැවිරිදි පාසල් සිසුවෙකු,…
ඉකුත්දා කොළඹ ,හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයා ගැනීමේ සිද්ධිය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්…
අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන්…
රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර…