ශ්‍රී ලංකා

රිදියගම සෆාරි උද්‍යානයේ සතෙක් දෙන්නෙක් මැරෙන්නේ ඉඳලා හිටලා බව අධ්‍යක්ෂ ජනරාල් කියයි !

රිදියගම සත්වෝද්‍යානය තුළ ඉඳහිට සත්ත්ව ඝාතන සිදුවන බව සැබෑ නමුත් රිදියගම සෆාරි උද්‍යානයේ හිටපු ස්ථාන භාර පශු වෛද්‍ය නිලධාරියා පවසන තරම් බරපතල තත්ත්වයක් නැති බවත්, ඔහුගේ ස්ථාන මාරුව සිදුකර ඇත්තේ 2020 වසරේ ඇතිවූ සිදුවීමක මූලික පරීක්ෂණයේ නිර්දේශයකට අනුව බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත පවසයි.
එබැවින් අදාල පශු වෛද්‍යවරයාගේ ස්ථාන මාරුවීම කර ඇත්තේ සත්ත්ව ඝාතනය සම්බන්ධයෙන් කළ චෝදනාව නිසා නොවන බව ද පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුකම්පාව ලබා ගැනීම සඳහා මෙම පශු වෛද්‍යවරයා මෙලෙස ප්‍රකාශ නිකුත් කරන බව ද කියයි.

කෙසේ වෙතත් 2020 වසරේ ද හිටපු ස්ථාන භාර පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිවර්ණ උද්‍යානය තුළ සිදුවන දඩමස් ජාවාරම ගැන මෙන්ම සත්ත්වෝද්‍යානයේ අලුත උපන් ඩෝරා නැමැති සිංහ පැටවා සම්බන්ධව විශේෂ හෙළිදරව්වක් කිරීමෙන් අනතුරුව ඔහු සිංහ පැටවා සම්බන්ධ වගකීම්වලින් නිදහස් කර තිබිණි.

වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් සත්ත්වෝද්‍යාන දෙපාරත්මේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර පවසන්නේ සතුන්ට ලබා දෙන මස් ගබඩා කිරීම සහ පිළියෙළ කිරීම සිදුවන්නේ හිටපු ස්ථාන භාර පශු වෛද්‍යවරයා යටත් පැවති පෝෂණ අංශයෙන් බවත් වසර හයක් තිස්තේ තමන් යටතේ පැවති ආයතනයක සිදුවන අක්‍රමිකතාවයක් සඟවාගෙන සිටීම බරපතල වරදක් බවත් ය.

චෝදනාව එල්ල කරන පශු වෛද්‍යවරයා මෙලෙස ක්‍රියා කරන්නේ හුදෙක් තමන්ගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් වූ වෛරය පිරිමසා ගැනීමට බවත් නියොජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේය.

එහෙත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ මෙම ස්ථාන මාරුව සිදුවන්නේ වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ විසින් කළ දඩමස් ජාවාරම සම්බන්ධව හෙළි කිරීම පදනම් කරගෙන බවය.

පශු වෛද්‍යවරයෙක් රාජකාරියේ නිරතවන අවස්ථාවේ සිදුවන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් ලිඛිතව සහ වාචිකව පැමිණිලි කිරීමට හා බලපෑම් කිරීමට ඔහු අවස්ථාවක් තිබෙන බව සංගමය කියයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago