ව්‍යාජ ATM කාඩ්පත් යොදාගෙන මුදල් සොරකම් කිරීම පිළිබඳව පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන හා මහරගම පොලිස් ස්ථාන වෙත සිදුකරන ලද පැමිණිලි 50ක් සම්බන්ධව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් විමර්ශණ සිදු කර සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (10) දින ව්‍යාජ ATM කාඩ්පත් 15ක් සමඟ අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 24ක් පමණ වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
ATM යන්ත්‍රවලින් මුදල් ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට මුදල් ලබා ගැනීමට සහාය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකයන් ලබාගෙන,ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගෙන සැකකරු ළඟ තිබෙන ව්‍යාජ ATM කාඩ්පතක් සමඟ අදාළ පුද්ගලයාට ලබා දෙයි.
ඉන්පසු අදාළ පුද්ගලයාගේ නියම කාඩ්පත සැකකරු විසින් වංචනිකව භාවිතා කර මුදල් සොරකම් සිදුකර ඇතිබව පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු අද (11) නුගේගොඩ අධිකරණය ටවත ඉදිරිපත් කිරීමට නියමිත ඇති අතර මිරිහාන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…