ශ්‍රී ලංකා මහ බැංකුවේ “නිකුතු සුරක්ෂිතාගාරයේ” තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් එම අංශයේ එදින සේවය කළ 15 දෙනෙකුගෙන් පමණ පිරිසකගේ ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසනවා. ඊට අමතරව CCTV දර්ශන රැසක් ලබා ගෙන ඒ ඔස්සේ ද විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
රුපියල් ලක්ෂ 50ක් අඩංගු මුදල් බණ්ඩලයක් අස්ථානගතව ඇති බවට මහ බැංකුවේ වෝහාරික මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරී ඒ. ආර්. දයානන්ද මහතා විසින් පෙරේදා (11) කොටුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
මහ බැංකු ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කලාපයක පිහිටි නවීන තාක්ෂණයෙන් යුත් ආරක්ෂිත කැමරා සවිකර ඇති භූගතව තිබෙන තෙවන මහලේ රාක්කයක තිබියදී මෙම මුදල් අස්ථානගත වී ඇති බවයි පැමිණිල්ලේ දැක්වෙන්නේ.
මුදල් තිබූ රාක්කයේ රුපියල් 5000 මුදල් නෝට්ටු 1000 බැගින් අඩංගු බණ්ඩල 8000ක් පමණ තිබී ඇති අතර පෙරේදා රුපියල් බිලියන 25ක පමණ මුදලක් බැංකුවෙන් බැහැරට ගෙන ගොස් ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
මේ වන විට කොටුව පොලිසියේ විමර්ශන කණ්ඩායමක් මහ බැංකුව වෙත ගොස් පෙරේදා (11) දිනයේ සේවයේ නියුතුව සිටි පිරිසෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බව සඳහන්.
ලක්ෂ 50කින් යුත් මුදල් බණ්ඩලය අත් වැරදීමකින් වෙනත් රාක්කයක් වෙත රැගෙන ගියේද යන්න සම්බන්ධයෙන් සැකයක් පැවතුන ද මේ සම්බන්ධයෙන් අපරාධයක් සිදු වූ ආකාරයට විමර්ශන සිදුකරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඊට අමතරව මහ බැංකුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් මුදල් ගණනය කිරීමේ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතිනවා
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…