විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළි ඇරඹේ – දිනය මෙන්න !

අප්‍රේල් 17 වැනි දා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණයකට පැමිණ තිබෙනවා.

ඒ, අද (12) අලුයම දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදීයි.

කෙසේවෙතත් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සභභාගිවීමට එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ නැහැ.

උසස් පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාදවී අදට දින 48 ක් වනවා.

උසස් පෙළ විභාග උත්තර පත්‍ර පරීක්ෂාව පාසැල් ගුරුවරුන් මුල් කරගනිමින් සිදු කෙරෙන අතර එහි අධීක්ෂණ කාර්ය සිදු කරන්නේ විශ්වවිද්‍යාල අචාර්යවරුන් විසින්.

මේ සඳහා උසස් පෙළ ගුරුවරුන් 19,000 ක් පමණ අවශ්‍ය වන අතර විශ්වවිද්‍යාල අචාර්යවරුන් 1,400 කගේ පමණ සේවය ද අවශ්‍ය වනවා.

පසුගිය දා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූයේ ප්‍රමාණවත් ගුරවරුන් නොමැතිව එය ප්‍රමාද වී තිබූ පසුබිමකයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, පසුගිය මාර්තු 09 වැනි දායි. ඒ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago