ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ බුද්ධගයාවේ එළවලු වෙළෙඳපොළක් ආශ්‍රිතව විශාල ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ගින්න හේතුවෙන් එහි තිබූ වෙළෙඳසැල් 100කට අධික ප්‍රමාණයන් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති බවය.
මේ අතර ගින්න හටගැනීමත් සමඟ ඇතැම් වෙළෙඳසැල් තුළ තිබූ ගෑස් සිලින්ඩර කිහිපයක් ද පුපුරා ගොස් ඇති බවට වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
හදිසියේ හටගත් මෙම ගින්න හේතුවෙන් යතුරුපැදි 6ක් ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ගින්න මුළුමනින්ම පාලනය කර ඇති බවය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බිහාර් බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
https://youtu.be/Z2p3pna-qjc?si=VM7eM_kLOXRmPoHz
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…