පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කිරීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබේ.
රජයේ මුද්‍රණාලය සඳහන් කළේ මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල් ලබානොදීම හේතුවෙන් මැතිවරණයට අදාළ සෙසු මුද්‍රණ කටයුතු ද තාවකාලිකව නතර කළ බවය.
කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සහ අනෙක් ලියකියවිලි රජයේ මුද්‍රණාලය විසින් මේ වන විට මුද්‍රණය කර තිබේ.
මෙම කටයුතු සඳහා රුපියල් කෝටි පහකට අධික මුදලක් වැය වී ඇති අතර ඊට අදාළව මේ දක්වාත් මහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබාදී නොමැති බව සඳහන් වෙයි.
වැඩිදුරටත් වාර්තා වන්නේ මේ හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයින් 200කට වැඩි පිරිසකට දීමනා ලබාදීමට නොහැකි වී ඇති බවය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරයට යළි සිහි කැඳවීමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද රජයේ මුද්‍රණාලය සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණයට අදාළව මේ දක්වා සිදුකර ඇති මුද්‍රණ කටයුතුවලට අදාළව ගෙවීම් සිදුකරන ලෙස අවස්ථා කිහිපයකදී මුද්‍රණාලායාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය මහ භාණ්ඩාගාරය වෙත ලිඛිතව දැනුම් දී තිබුණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…