ශ්‍රී ලංකා

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2023 – අලුත් අවුරුදු උදාව තව සුලු මොහොතකින් !

මෙවර අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 02.59 ට සිංහල අලුත් අවුරුද්ද උදාවනවා.

බෞද්ධ දින දර්ශණයට අනුව බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමේ දිනය සිංහලයන් නව වසර උදාවීම ලෙස සමරනු ලැබේ.

අලුත් අවුරුද්දක් උදාවනවා යනු සූර්යයා මේෂ රාශියෙන් ගමන් අරඹා රාශි 12 අවසානයේ එනම් මීන රාශියේ අවසානයට ළඟාවීමට ගතවන දින 365 පැය 15 මිනිට්ටු 31 තත්පර 15 ක කාලය නිමාකොට යළි මේෂ රාශියට පිවිසෙන අවස්ථාව ලෙස හැඳින්විය හැකිය.

මේෂ රාශියට පිවිසීම යනු සූර්යයාගේ මධ්‍ය ලක්ෂ‍්‍යය නැගෙනහිර ක්ෂිතිජයේ දක්නට ලැබෙන මොහොතයි. ඉහත කී කාල සීමාව සූර්ය වර්ෂයක් වන අතර මීන රාශියේ සිට මේෂ රාශියට පිවිසීම සූර්ය සංක්‍රාන්තිය ලෙස ජ්‍යොතිෂයේ හඳුන්වා ඇත.  

හින්දු මිත්‍යා හා ප්‍රබන්ධ කතාවලට අනුව සාමයට අධිපති කුමරා ලෙස සලකනු ලබන ‘ඉන්ද්‍රදේව’පොළව වෙත සාමය හා සෞභාග්‍යය ලබා දීම තහවුරු කිරීම නව අවුරුදු උදාව සැලකේ.අවුරුදු කුමරා සුදු පැහැ රථයක නැඟී සුදු මල් වලින් සරසනු ලැබූ හත් රියන් උස ඔටුන්නක් හිස පැලඳ පොළවට වඩියි.

ඔහු පළමුව පොළවේ ගුරුත්වාකර්ශණ බලය බිඳ දමා එය කිරි සයුර හෙවත් කිරි මුහුදේ ගිල්වා ගොඩට ගනු ලබන බවට මිත්‍යා විශ්වාසයක් ගැමි ජනයා අතර පවතී. ආගම් දෙකක්, ජාතීන් දෙකක් එක්ව වර්ථමානයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලෙස සමරනු ලබයි.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago