ශ්‍රී ලංකා

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2023 – වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය තව සුලු මොහොතකින් !

අප්‍රේල් මස 14 වැනි සිකුරාදා අපර භාග 05.05 ට විචිත්‍ර වර්ණ වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකුණූ දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

ආහාර අනුභවයත් වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීමත් සිදු වන්නේ එකම නැකතකටය.

ගනුදෙනු කිරීමේදී පවුලට ඉතා හිතවත් යහපත් පුද්ගලයකු සමඟ ගනුදෙනු කිරීමද වැඩ ඇල්ලීමේ දී කිරි ගසකට පිහියකින් කෙටීම හෝ කැත්තෙන් උදැල්ලෙන් කරන වැඩක් සිදු කිරීමද සිරිතයි.

දිනපතා වතුර ගන්නා ළිඳට අගුරු කැබැල්ලක් වී ටිකක් හා කාසියක් එකට තබා රෙදි කැබැල්ලකින් ඔතා පොට්ටනියක් කර ළිඳට දමයි. පළමු වතුර බාල්දිය ගනු ලබන්නේ ඉන් පසුවය.

මෙය ස්වභාව ධර්මය සමඟ මිනිසාගේ ඇති බැඳීම පිළිබිඹු කරන චාරිත්‍රයකි. ආහාර අනුභව කරන මොහොතේ පවුලේ සියලු දෙනා එකට හිඳ අනුභවය සිදු කරයි.

එය පවුලේ සමගිය තහවුරු කරන චාරිත්‍රයක් ලෙස හැඳින්විය හැකිය.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago