ශ්‍රී ලංකා

ජනපති, අගමැති හා විපක්ෂ නායකවරයාගේ අලුත් අවුරුදු පණිවිඩ මෙන්න !

පක්ෂ, පාට, ජාති, ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යෑමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කරගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

අලුත් අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ මීලඟ අලුත් අවුරුද්ද අදටත් වඩා සමෘද්ධිමත් කර ගැනීමට අප උත්සාහ කළ යුතු බවයි.

පසුගිය වසරේ අලුත් අවුරුද්ද එළැඹෙද්දී සැවොම දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටි බවත්, මේ අලුත් අවුරුද්දේ කිසියම් සහනදායී පරිසරයක් උදා වී ඇති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

සියලු දෙනා එක්ව, එක මවකගේ දරුවන් මෙන් ඉදිරියට යෑම තුළින් ප්‍රාර්ථනා මුදුන්පත් කරගත හැකි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන්.

මේ අතර, රට මුහුණ දුන් ආහාර සහ ආර්ථීක අර්බුදය හමුවේ ගොවි ජනතාව රට බත බුලතින් සරි කරන්නට අභියෝගාත්මකව කළ මෙහෙය, මේ අලුත් අවුරුද්දේ කෘතවේදිව සිහිපත් කළ යුතු බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ, අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ය. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නවමු සංකල්පවලින් පෝෂිත අලුත් අවුරුද්දක් ආරම්භ කළ යුතු බවයි.

ආහාර සුරක්ෂිතතාව, සකසුරුවම, අපේකම සහ සමගිය යළි යළි අකුරු කරන්නට අවශ්‍ය නොවන බව සඳහන් කරන අග්‍රාමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අවශ්‍ය වන්නේ ක්‍රියාත්මකභාවය බවද අදාළ පණිවුඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර සෞභාග්‍ය සම්පන්න අනාගතයක් උදෙසා අධිෂ්ඨානශීලිව පෙළ ගැසීමට සමස්ත පුරවැසියන්ට ශක්තිය ලැබේවායී තමන් ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් සඳහන් කළා.

ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට අභියෝග එල්ල වුණු අන්ධකාර සමය නිමාවිය යුතු බව ද ඔහු ප්‍රකාශ කරනවා.

වසර කිහිපයක් මුළුල්ලේ ලක්වාසී ජනතාවට අලුත් අවුරුද්ද උදා වූයේ අභියෝග රැසක් මධ්‍යයේ වුවත්, සමස්ත ජනතාවගේ එකම බලාපොරොත්තුව වන්නේ රටට, ජනතාවට සෞභාග්‍යය හා නීරෝගීමත් බව ප්‍රාර්ථනා කිරීම බව ද විපක්ෂ නායකවරයා පවසයි.

2023.04.14

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago