අද (15) සවස සිදු වූ මාරක රිය අනතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් දරුවන් 06 දෙනෙකු ඇතුළු 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි .
මෙහි එක් මාරක රිය අනතුරක් පොලොන්නරුව ඕනගම මාර්ගයේ වලේ කඩේ ප්‍රදේශයේදී ලොරි රථයක් හා ටැක්ටරයක් එකට ගැටීමෙන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු මියගොස් තවත් 8 දෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි .
අද 15 සවස සිදුවී ඇති මෙම අනතුරින් මියගොස් ඇත්තේ ටැක්ටරයේ ගමන් කළ 46 සහ 47 වියැති සහෝදරියන් දෙදෙනෙකි . ඔවුන් පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි .
මෙතෙක් කරන ලද පොලිස් විමර්ශන වලට අනුව ලොරි රථයේ රියදුරු අධික වේගයෙන් ධාවනය කරවීම නිසා ඔහුට ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් ටැක්ටරේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි .
අනතුරින් තුවාල ලැබූවන් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…