ශ්‍රී ලංකා

ජපන් යන්න ඉන්න ලාංකිකයින්ට සුභ පණිවිඩයක් !

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම, මානව සම්පත් සංවර්ධනය, ජපන් ආයෝජන ලංකාවට ගෙන්වා ගැනීම සහ සංචාරක ප්‍රවර්ධනය සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකා රජය සහ ජපානයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික සමූහයක් වන පැසෝනා සමූහය එළඹ තිබෙනවා.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ජපන් නිල සංචාරය අතරවාරයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සහ පැසෝනා සමූහය අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබෙනවා.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බදවාගැනීමට අපේක්ෂිත ජපන් ආයතනවලට අවශ්‍ය ස්ථානීය බදවා ගැනීම් සදහා පැසෝනා සමූහය සිය සහාය ලබා දෙනවා.

ඊට අමතරව ජපානයේ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා ලබාගැනීම සදහා අවශ්‍ය සහාය ලබාදීමට පැසෝනා සමූහය කටයුතු කරනු ලබයි.

මෙම අවභෝධතා ගිවිසුම අනුව ජපන් ආයෝජකයින් ආකර්ශනය කරගැනීම සදහා පැසෝනා සමූහය විසින් ආයෝජන සම්මන්ත්‍රණ සහ ආයෝජන උපදේශන පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ඒ අතරම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වෘත්තිකයින්ගේ කුසලතා සහ පුහුණුව වැඩි දියුණු කිරීම සදහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, ජපන් සංචාරකයින් ලංකාවට ගෙන්වා ගැනීම සදහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් නියමිතයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago