ශ්‍රී ලංකා

අවුරුදු සමරන්න අප්‍රේල් 22 ගෝල්ෆේස් එන්න – ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් !

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය අංශයේ ආයතන ගණනාවක කාර්ය මණ්ඩලවල එකමුතුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ට විවෘත තරග හා විදේශිකයන් සඳහා තරගවලින් සමන්විතව පැවැත්වෙන “වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අප්‍රේල් 22 වන සෙනසුරාදා කොළඹ ගාලු මුවදොර හරිත භූමියේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එය පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා පැවැත්වෙන අලුත් අවුරුදු ක්‍රීඩා හා තරග ඉසව්වලින් අනතුරුව ප.ව 6.00 සිට රාත්‍රී 12.00 දක්වා මියැසි ප්‍රසංගයක් ද සංවිධානය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03ක් යටතේ මෙම තරග ඉසව් සංවිධානය කර තිබෙනවා. අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතනයන්හි කාර්ය මණ්ඩලවල සාමාජික, සාමාජිකාවන්, පවුලේ හිතවතුන් සහ ළමුන් වෙනුවෙන් කාන්තා සහ පිරිමි තරග ඉසව් 18 ක් පැවැත්වෙන අතර ගස් ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, සැඟවුණු අමුත්තා සෙවීම, අලියාට ඇස තැබීම, කණා මුට්ටිය බිඳීම, පොල් අතු විවීම, පොල් ගෑම, කොට්ටපොර ගැසීම, බනිස් කෑම, සූප්පුවෙන් බීම බීම, ඉඳිකටුවට නූල දැමීම, මීටර් 100 දිවීම, අන්ධයාට කිරි කැවීම, බාධක දිවීම, බැලුම් පිපිරවීම, ඉටිපන්දම් දැල්වීම, දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන දිවීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය, සංගීත තොප්පි තරගය, ජන ගී ගායනය, ටොෆි ඇහිදීම, හොඳම හිනාව, ලොකුම බඩ තේරීම එම තරග ඉසව් අතරට අයත්.

ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට සහභාගි විය හැකි විවෘත අංශයක් ද තරග 16ක් සහිතව මීට ඇතුළත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයයි. “පුර සැරිය” ස්ටෑන්ඩඩ් බයිසිකල් තරගය, මැරතන් ධාවන තරගය, ලිස්සන ගහ, කඹ ඇඳීම, කොට්ටාපොර ගැසීම, ඉටිපන්දම් දැල්වීම, බැලුම් පිපිරවීම, අලියට ඇස තැබීම, ටොෆි ඇහිදීම, හොඳම හිනාව අවුරුදු කුමරා සහ කුමරිය ඇතුළුව ලොකු කුඩා සැමට සහභාගි විය හැකි තරග ඉසව් ද ඊට ඇතුළත්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago