අධික උෂ්ණත්වය දරාගත නොහැකිව පුද්ගලයින් 11ක් ජිවිතක්ෂයට !

අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ 11 දෙනෙක් මරණයට පත්වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, විවෘත පිට්ටනියක පැවති ත්‍යාග ප්‍රධානොත්සවයකට සහභාගී වෙමින් සිටි පිරිසක් අතුරින් විශාල පිරිසක් අධික අව් රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් රෝහල් ගත කළ බවත් ඉන් 11දෙනෙක් මියගොස් ඇති බවත්ය.

ප්‍රකට සමාජ ක්‍රියාධරයෙක්ට උපහාර දැක්වීම සඳහා එම උත්සවය සංවිධානය කර තිබුණි. ඊට සහභාගීවුවන්ට විජලනය සහ දැඩි අව් රශ්මිය හේතුවෙන් විවිධ රෝගාබාධ ඇතිවී තිබේ.

මෙන්ම මෙරට ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (17) දිනයේ ද අවදානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික් කිහිපයකත් එම තත්ත්වය පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා,

මේ කියන ඇඟට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවට අපේක්ෂා කරනවා. ඒ අනුව එම ප්‍රදේශවල ජනතාවට එළිමහනේ කටයුතු කිරීමේ දී අධික වෙහෙසකර කටයුතුවලින් වැළකී ඉන්නවා නම් හොඳයි. ඒ වගේම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම වැනි සෞඛ්‍ය අංශවලින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අද දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් දකුණු සහ ඌව පළාත්වලත් වයඹ සහ උතුරු මැද පළාත්වලත් සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වන අතර සෙසු පළාත්වල වැසි රහිත කාලගුණ තත්ත්වයක් ඇතිවෙයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago