රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂය රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක පවසනවා.
ක්‍ෂය රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ ක්‍ෂය රෝගය පිළිබඳ ජනතාව තුළ පවතින නොදැනුවත් භාවයද ඊට බලපා ඇති බවයි.
පසුගිය වසරේදී මෙරටින් ක්‍ෂය රෝගීන් 331 දෙනෙකු හමුව තිබෙනවා.
ඉන් 30 දෙනෙකු මියගොස් ඇති අතර, එය සියයට 10 ක පමණ ප්‍රතිශතයක් වීම අවධානයට ලක්විය යුතු කරුණක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාව තුළ වසරකට ඇස්තමේන්තු ගත ක්‍ෂය රෝගීන් සංඛ්‍යාව 14,000 ක් පමණ වුවද ඉන් අනාවරණ කරගැනෙන්නේ රෝගීන් දස දහසක් පමණයි.
එලෙස රෝගීන් 4,000 ක පමණ ප්‍රමාණයක් වාර්තා නොවීමට ප්‍රධාන හේතුවක් වන්නේ නොදැනුවත්කම බවයි රත්නපුර ශික්ෂණ රෝහලේ ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක ප්‍රකාශ කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…