ගම්පහ නගරයේ විජයාරාම පාර, කුණ්ඩිවිල ඇල මාර්ගය අද්දර කසළ ගොඩක තිබී අත් බෝම්බයක් හමුවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.
කුණ්ඩිවිල ඇල මාර්ගය අසලින් අද (17) පෙරවරුවේ ගමන් ගත් අයෙකු විසින් බෝම්බයක් වැනි දෙයක් තිබෙනු දැක පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට ඇති අතර මෙහි කොටස් දිරාපත්ව තිබූ බව පොලීසිය පවසයි.
මෙම බෝම්බය කුමක්ද යන්න නිශ්චිතව හදුනා ගනිමින් අවශ්‍ය වුවහොත් පුපුරවා හැරීම පිනිස බෝම්බ නිශ්ක්‍රීය අංශය කැදවීමට පොලීසිය පියවර ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත අපරාධ විමර්ශන අංශාධිපති පොලිස් පරීක්ෂක මාලින්ද කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙමින් පැවතිණි.
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩපිළිවෙළ…
හිටපු Fox News නිවේදකයෙකු වන පීටර් හෙග්සෙත් අමෙරිකාවේ නව ආරක්ෂක ලේකම් ධුරයට පත්කර ඇත. කෙසේ…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25)…
රට තුළ පවතින ඉහළ පොල් මිලට ප්‍රධාන හේතුව ජනගහණය ඉහළ යාමට සාපේක්ෂව පසුගිය වසර 20…
කොළඹ බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා…
අද (25) ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…