ශ්‍රී ලංකා

යුක්තිය ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අප්‍රේල් 21 මහ පාරට !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් සපිරෙන එළඹෙන සිකුරාදා යුක්තිය ඉල්ලා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර දක්වා ජන පවුරක් සකස් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අගරදගුරු මැදුරේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න කිහිපයකට ද අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පිළිතුරු ලබා දුන්නේය.

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ සත්‍ය සහ යුක්තිය ඉල්ලා අප්‍රේල් 21 සිකුරාදා ශක්තිමත් ජන පවුරක් ඉදිකරන්න ජාති ආගම් භේදයකින් තොරව එකතුවෙන ලෙසට අපි අපේ රටේ සියලුම පුරවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ජන පවුර හදන්නේ අප්‍රේල් 21 උදේ 8 සිට පෙරවරු 9 දක්වා කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා කොළඹ මීගමු මහ මාර්ගයේ.”

“අපි මඟ දෙපස පාරේ ගමන් කරන වාහනවලට හෝ පුද්ගයින්ට බාධාවක් නොවන ආකාරයෙන් පාර දෙපස හිටගෙන ඉන්නවා පමණයි. අප්‍රේල් 21 පෙරවරු 8.45 ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. පෙරවරු 9 සිට ආගමික මෙහෙයන් සිදුකරනවා.”

මාධ්‍යවේදියා – දඩ මුදල් නියමවූ සමහර අය කියනවා පිටකොටුව බෝ ගහ අසලට ගිහින් එම මුදල එකතු කරනවා කියලා ?

කාදිනල් හිමියන් – “ඒ අය දැනගන්න ඕනේ ඒ සල්ලි හොයලා දෙන්න. එයාලට ඒවා කරන්න බැරිකමක් ඇති පුද්ගලයෝ නෙමෙයි. පිටකොටුවේ බෝ ගහ ළඟ එකතු කළත් මට ප්‍රශ්නයක් නැහැ.. වගකීම ඉෂ්ට නොකර කරපු විනාශයට වන්දි ගෙවන්න ඕනේ. ඉන්දියානු බුද්ධි අංශ 04 පාරක් දැන්වුවා. එදා උදේ පණිවුඩයවත් ගණන් ගත්තේ නැහැ. එක call එකක් දුන්නානම් පල්ලි ටික වහනවා.”

“ප්‍රහාරයට යුක්තිය ඉෂ්ට කරනවා කියා පොරොන්දු වෙලා පොරොන්දු ඉෂ්ට නොකරපු ජනාධිපතිට ගෙදර යන්න වුණා. අපි ගිහින් එළියට ඇදලා දැම්මා නෙමෙයි. ඒක යම් අධ්‍යාත්මික අත්දැකීමක්. සත්‍ය යටපත් කරන්න කවුරුහරි කටයුතු කරනවා නම් ඒ අයට සිද්ධ වෙන්නෙත් අර දේමයි. ඒ බව මතක තියාගන්න ඕනේ.”

Ceylon News Factory

Share
Published by
Ceylon News Factory
Tags: Easter AttackEaster Attack Sri LankaEaster Sunday terror attackMalcolm Cardinal Ranjith Theroපාස්කු ඉරිදාපාස්කු ඉරිදා ආරක්ෂාවපාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයපාස්කු ඉරිදා ප්‍රහාරයපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයපාස්කු ඉරුදින ප්‍රහාරයපාස්කු කොමිෂන් වාර්තාවපාස්කු කොමිසමපාස්කු නඩුව සම්බන්දයෙන් මෛත්‍රීට එරෙහි පැමිණිල්ලපාස්කු ප්‍රහාරයපාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ කොමිසමපාස්කු ප්‍රහාරය ප්‍රහාරයට අදාල නඩු විභාගයපාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකයිපාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන්ට දඬුවම් දිය යුතු බවපාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්පාස්කු ප්‍රහාරයේ විමර්ශණපාස්කු ප්‍රහාරයේ විමර්ශනපාස්කු ප්‍රහාරයේ සත්‍යපාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුමැල්කම් කාදිනල් රංජිත් හිමියන්මෛත්‍රීට එරෙහි පාස්කු නඩුව

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago